දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනයට පියවර
2023-08-18 16:36:52
Share with:

රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මෙරට රාජ්‍ය බදු අය කර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බැවින් රටේ බදු ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් කළ යුතු බව ද හෙතෙම  කියාසිටී. අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාතික ආර්ථිකය නඟාසිටුවීම සඳහා බදුකරණය විධිමත් කිරීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම අනුව උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒම, විදේශ සංචිත වැඩි කිරීම මෙන්ම රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමට ද අවශ්‍ය බව අලුත්ගමගේ මහතා මෙහිදී පැවසීය.

ආණ්ඩුව මෙම වසරේ රුපියල් බිලියන 3105 ක රාජ්‍ය බදු ආදායමක් අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම