අවුල් සහගත ලෝකයට BRICS නායක සමුළුවෙන් ස්ථාවරත්වය තිළිණ කෙරෙනු ඇතැයි චීනය කියයි
2023-08-18 17:30:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ පැවැත්වෙන BRICS රටවල රාජ්‍ය නායකයන්ගේ 15 වැනි හමුවට සහභාගි වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය දැනුම් දෙයි. එම සමුළුව ලබන 21 - 24 වැනි දා දක්වා පැවැත්වෙන බව, විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (18) කියාසිටියේය.  

මෙවර BRICS නායක සමුළුවේ දී, වත්මන් ජාත්‍යන්තර තත්ත්වය තුළ පවතින ප්‍රධාන අභියෝග පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කෙරෙනු ඇතැයි ද හෙතෙම පැවසීය. අවුල් සහගත ලෝකයට, මෙම සමුළුව මගින් ස්ථාවරත්වය සහ ධනාත්මක ශක්තිය තිළිණ කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.

වසර තුනකට වැඩි කාලයකට පසු BRICS නායකයන් මාර්ගගත නොවන අයුරින් පවත්වන පළමු සමුළුව මෙයයි. එසේම එම සමුළුව වසර පහකට පසු අප්‍රිකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව ද  මෙය වීම විශේෂත්වයකි. අප්‍රිකානු රටවල් සමඟ එක්ව සහයෝගිතාව වර්ධනය කිරීම, චීනයේ දිගුකාලීන සහ ස්ථිර උපායමාර්ගික ප්‍රයත්නයක් බව ද, Wang Wenbin මහතා මෙහිදී  ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම