සෞදි අරාබිය සමඟ සබඳතා "නිවැරදි දිශාවට ගමන් කරන" බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි
2023-08-18 10:10:50
Share with:

ඉරානය හා සෞදි අරාබිය අතර සබඳතා නිවැරදි දිශාවට ගමන් කරන බවත් දෙපාර්ශ්වය විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාවය ඉදිරියට ගෙන යන බවත් ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdullahian මහතා පවසයි. සෞදි අරාබියේ රියාද් අගනුවර පැවති හමුවකින් පසු සෞදි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud මහතා සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී හෙතෙම ඊයේ(17) මේ බව පැවසීය.

දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට පසුගිය මාර්තු මාසයේ දී චීනය මැදිහත්කරුවෙක් විය. ඉන් පසුව සෞදි අරාබියේ සිය පළමු නිල සංචාරයේ යෙදී සිටින ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ මෙම හමුවීම  “ඵලදායක”එකක් වූ බවයි.

දෙරට අතර ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රවල ඇති කර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීමට ඉරානය කැපවී සිටින අතර, ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්ෂණික හා විධායක කමිටුවක් පිහිටුවන බව ද ඔහු සඳහන් කළේය.

දෙරට අතර සහයෝගතාවයේ වැදගත්කම අවධාරණය කළ සෞදි විදේශ අමාත්‍යවරයා ඉරානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රතිෂ්ඨාපනය කිරීම කලාපීය ආරක්ෂාව පවත්වා ගැනීමට වැදගත් බව පැවසීය.

‍අන්‍යෝන්‍ය ගෞරවය මත ද්වීපාර්ශ්වික සබඳතාවල නව ප්‍රගතියක් වර්ධනය කරන බවත්, ඉරාන ජනාධිපතිවරයා සෞදි අරාබියේ සංචාරයකට සැලසුම් කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවත් ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම