චීන වෛද්‍යවරුන්ට ස්තුතිය පිරිනැමූ කිරිබති ජනරජයේ රෝගී කාන්තාව
2023-08-18 08:54:55
Share with:

චීනයේ Shandong පළාතේ Qilu රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වන Fan Lixia කිරිබති ජනරජයේ චීන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්. මේ වනවිට, ඇය එහි සේවය අරඹා දවස් 250 කට අධික යි.

දකුණු ශාන්තිකර දූපත් රටක් වන කිරිබති ජනරජය, ලෝකයේ අඩු සංවර්ධිත රටක්. එරට වෛද්‍ය පහසුකම් හා කාර්ය මණ්ඩල පවතින්නේ හිඟ තත්ත්වයකයි . මෙහි සේවයට පැමිණි Fan වෛද්‍යවරිය දෛනික ශල්‍යකර්මවල නිර්වින්දන කටයුතුවලට එක්ව සිටින අතරතුර වෘත්තීමය ඉගැන්වීම්වල ද නිරත වනවා.

ඉකුත් පෙබරවාරි මාසයේ දිනක්, එරට Tungaru මධ්‍යම රෝහලට වයස්ගත කාන්තාවක් පැමිණ සිටියා. ඇය ආමාශයේ හටගත් ගෙඩියක් හේතුවෙන් ශ්වසනයට බාධාකරන බරපතල රෝගයකින් පීඩා විඳිමින් සිටියා. වමනය තත්ත්වය නිසා මාස 2කට වැඩි කාලයක් දැඩි අසීරුතාවකට මුහුණ පෑ ඇය, දරුණු මන්දපෝෂණ තත්ත්වයකින් ද පෙළුණා. ඇයට ශල්‍යකර්මයක් හැකි ඉක්මණින්ම සිදු කළ යුතු ව තිබුණා. නමුත්, විවිධ හේතු නිසා ඒ රෝගියාට ලබාදිය යුතු වුණේ ස්නායු පද්ධතියට බලපාන සංකීර්ණ නිර්වින්දනයක්. මෙය කිසිසේත් පහසු නිර්වින්දන මෙහෙයුමක් නොවෙයි.

මේ නිසාම, චීන රජය  කිරිබති රාජ්‍යය වෙත පරිත්‍යාග කර තිබූ නිර්වින්දන උපකරණ මේ සඳහා භාවිත කිරීමට වෛද්‍ය Fan පියවර ගත්තා. ඒ අනුව ඇය එම කාර්යය සාර්ථකව අවසන් කළා. එසේම මෙහිදී නිර්වින්දක ක්‍රියාවලිය හා එම තාක්ෂණය පිළිබඳව එරට වෛද්‍යවරුන්ට කරුණු පැහැදිලි කරදීමටත් වෛද්‍යවරිය සමත්වීම විශේෂත්වයක්. ශල්‍ය වෛද්‍යවරුන් හා නිර්වින්දක වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයෙන් පැය 3ක පමණ කාලයක් සිදුකෙරුණු ශල්‍යකර්මය සාර්ථක ව නිමකෙරුණා. මේ බව දැන් ගත් රෝගී කාන්තාව චීන වෛද්‍යවරුන්ට හෘදයංගම ස්තුතිය පිරිනැමුවේ කඳුළු පිරි දෙනෙතින්.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම