සංචාරක පහසුකම් පුළුල් කිරීමට ජනපති උපදෙස්
2023-08-18 16:42:58
Share with:

වාර්ෂිකව සංචාරකයන් මිලියන 05 ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (17) පැවති සාකච්ඡාවක දී හෙතෙම මෙම උපදෙස් ලබාදුන්නේය.

සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුවපහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටි,මධ්‍ය හා දිගුකාලීන සැලසුම් පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

විදෙස් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීම සඳහා පෞරාණික  පෙනුමක් සහිත, ගොඩනැගිලි  පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී  උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නව ආයෝජන සඳහා හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා  වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම