විදුලිබල මණ්ඩලයට රු. බිලියන 20 ක ලාභයක්
2023-08-18 16:35:45
Share with:

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ දෙවැනි කාර්තුවේ දී රු. බිලියන 20.65 ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තාවන් හි මේ බව දැක්වේ. ඉකුත් වසරේ අදාළ කාර්තුවේ ලද අලාභය වූ රු. බිලියන 38.49 හා සැසඳීමේ දී මෙය සුවිශේෂී කාර්යසාධනයකි.

එසේම 2023 වසරේ මුල් කාර්තුවේ දී ද ලංකා විදුලිබල මණ්ඩලය අලාභ ලැබූ අතර එය රු. බිලියන 34.37 ක් ලෙස වාර්තා විය. එම මණ්ඩලය වසරේ දෙවැනි කාර්තුවේ දී ලද ආදායම රු. බිලියන 175.62 කි.එය 2022 වර්ෂයේ අදාළ කාර්තුවේ වාර්තා වී ඇති රු. බිලියන 60.12 ක ආදායමට සාපේක්ෂව 192% ක වර්ධනයක් වීම කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම