ජනතා ආදරය දිනූ චීන ජනපති ගැන චීනයේ ආර්ජන්ටිනා තානාපති ප්‍රකාශය
2023-08-17 14:11:40
Share with:

2022 වසරේදී චීනයේ සහ ආර්ජන්ටිනාවේ රාජ්‍ය නායකයින් අතර සාකච්ඡාවෙන් පසු චීනයේ ආර්ජන්ටිනා තානාපති Sabino Vaca Narvaja මහතා සිහිපත් කළේ චීන ජනතාව තුළ ඉතා ජනප්‍රිය දේශප්‍රේමී ගීයක පදයකි. එයින් කියවෙන්නේ "චීන කොමියුනිස්ට් පක්ෂය නොමැතිව නව චීනයක් නිර්මාණය නොවේ" යන්නයි.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර සියයක් සැපිරීම නිමිත්තෙන් බෙයිංජිං හි Tiananmen චතුරශ්‍රයේ පැවති උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී මිනිසුන් 70,000ක් එක්ව මෙම ගීතය ගායනා කරන අයුරු ඔහුට ඇසුණි. එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කෙරෙහි ජනතාව තුළ තිබූ ආදරය දුටු ඔහු විශ්මයට පත් වූ බව ද Sabino Vaca Narvaja මහතා පැවසීය.

ජනතාවට අවශ්‍ය දේ ෂී ජින් පිං මහතා හොඳින් දන්නා බව ද ඔහු පැවසීය. Sabino Vaca Narvaja මහතා චීනයේ බොහෝ පළාත්වලට ගොස් ඇති අතර, ෂී ජින් පිං මහතාට ජනතාව දැඩි ලෙස ආදරය කරන බවත්, ජනතාව අතර ෂී ජින් පිං මහතාගේ කීර්තිය දුටු බවත් පවසා ඇත.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම