මුහුද නිරීක්ෂණයට අලුත් ගුවන් යානයක්
2023-08-17 15:53:23
Share with:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව නිල වශයෙන් බාරදෙයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක අද(15)  පැවති උත්සවයක දී එය බාරදෙනු ලැබීය.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට යැවීම නිසා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ලංකාවට බාර දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බාරදෙනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු 15 වැනිදා යි.

උත්සවයට එක් වූ සාගල රත්නායක මහතා කියාසිටියේ, ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දීය නිල සංචාරයත් සමග ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවයි.  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද  මෙම අවස්ථාවට එක්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම