අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් දිවයිනට
2023-08-17 15:51:14
Share with:

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරි සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් මහතා එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන්දියාවේ බැංග්ලෝර් හි දී අද (17)  ඇරඹෙන ජී-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමට ඔහු මේ වනවිට එක්ව සිටී.

ෆික් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අගෝස්තු 23 වන දින දක්වා මෙරට රැඳී සිටින ඔහු තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් නිදහස පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම