නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනපති කියයි
2023-08-17 17:26:57
Share with:

අනාගත ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි සහ නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත ය. කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය,  ජෙනොම්  විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුර සූදානම් කළ යුතු බව පැවසීය. 

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා  මේ අදහස් පළකළේ  නුගේගොඩ අනුලා විද්‍යාලයේ  වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය  යුතු බවත්, මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම, වෙනස්වන ලෝකයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දරුවන්ට අනාගතයේ දී හින්දි සහ චීන භාෂා ඉගෙන ගැනීමට සිදුවනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම