හවායි දූපතේ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළට
2023-08-17 19:53:35
Share with:

ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ Maui ලැව්ගින්නෙන් මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් ඇති බව හවායි ආණ්ඩුකාරයා ඊයේ(16) පැවසීය. සියවසකට වැඩි කාලයක් තුළ ඇමරිකාවේ සිදු වූ මියගිය සංඛ්‍යාව ඉහළම ලැව්ගින්න මෙයයි.

හවායි ආණ්ඩුකාරවරයා එදිනම පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, වත්මන් සෝදිසි මෙහෙයුම් මගින් ගින්නෙන් විපතට පත් ප්‍රදේශයෙන් 38% ක් පමණ ආවරණය කර ඇති බවයි. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, පුද්ගලයන් දහස් ගණනක් තවමත් අතුරුදන් වූවන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම