ජනතාව කෙරෙහි අසංවේදී ඇමරිකානු රජයේ සැබෑ ස්වරූපය යළි පිළිබිඹු කළ හවායි ලැව්ගිනි ඛේදවාචකය
2023-08-17 21:23:49
Share with:

ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ Maui දූපතේ හටගත් ලැව්ගින්න මේ වනවිටත්  සම්පූර්ණයෙන් පාලනය වී නොමැත. ගෙවුණු සියවසකට වැඩි කාලයක් තුළ ඇමරිකාවේ සිදු වූ දරුණුතම ලැව්ගින්න මෙයයි. Maui ලැව්ගිනි විපත ස්වාභාවික ව්‍යසනයක් පමණක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසනයක් කියා ද කිව හැකිය.

ලොව සුපිරි බලවතා වශයෙන්, තාක්ෂණික සහ මූල්‍ය දෙඅංශයෙන්ම ප්‍රබල ආපදා කළමනාකරණ හැකියාවක් ඇමරිකාව  සතුව ඇත. එහෙත් මෙවර Maui ලැව්ගින්න හටගැනීමෙන් පසු කාර්යක්ෂමව කටයුතු කර ඇත්තේ ඇමරිකානු රජය නොව Maui දූපතේ වැසියන් ය. ඇමරිකානු මාධ්‍ය වාර්තා අනුව, හවායි ප්‍රාන්තයේ මහජන ආරක්ෂක පද්ධතිය සතු අනතුරු ඇඟවීමේ යන්ත්‍ර 400ක් ප්‍රාන්තය පුරා සවි කර තිබේ. ඉන් යන්ත්‍ර 80 ක්  Maui දූපතේ සවිකර ඇත. එහෙත් ලැව්ගින්න ඇතිවීමෙන් පසු එම යන්ත්‍ර ක්‍රියාවිරහිත විය. රජය විදුලි සැපයුම කඩිනමින් කප්පාදු නොකිරීම නිසා ලැව්ගින්න තවත් තීව්‍ර වූ බවට එම දූපත් වැසියන් චෝදනා කර තිබේ. එමෙන් ම Maui දූපතේ හමුදා මූලස්ථානයක් පිහිටා ඇතත් එම හමුදා, උපකරණ ඇතුළු ආපදා සහනාධාර කණ්ඩායම් එහි පැමිණියේ ලැව්ගිනි විපත සිදු වී පැය 72ක කාලයක් ගතවීමෙන් පසුව ය.

ලැව්ගිනි හවායි ප්‍රාන්තයේ දුලබ දෙයක් නොවේ. එහෙත් රජය ලැව්ගින්නෙන් ඇතිවන බරපතල හානි හා අවදානම් තත්ත්ව සැලකීමට ලක් කර නැත. විපත සිදුවීමෙන් පසු රජය ක්‍රියා කරන ආකාරය තුළින් ද ජනතාව මුහුණදෙන පීඩාවන් පිළිබඳව රජයට කිසිම තැකීමක් නොමැති බව මැනවින් පිළිබිඹු වී ඇත.

Maui ලැව්ගින්න තවමත් ඇවිලෙමින් පවතී. මෙම ලැව්ගිනි විපතින් ඇති වූ අලාභහානි හමුවේ ඇමරිකානු රජය ඊළඟට කුමන කාර්යක්ෂම පියවර ගනීවි දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම