චීන පරිභෝජන වෙළඳපොළේ අඛණ්ඩ ප්‍රකෘතිය ලෝකය වෙත කුමන අවස්ථාවන් ගෙන දිය හැකි ද?
2023-08-16 10:11:31
Share with:

චීන ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත ඊයේ(15) නිල වශයෙන් නිකුත් කෙරිණ. මේ අනුව, ජාතික ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රකෘතිමත්වීම සහ සේවා පරිභෝජනය කැපී පෙනේ. මේ වසරේ මුල් මාස 7 තුළ, සේවා සිල්ලර වටිනාකම පසුගිය වසරේ සමාන කාලයට වඩා 20.3%කින් වර්ධනය වී ඇත. ගිම්හාන නිවාඩු සංචාරක කර්මාන්තය, විනෝදජනක හා සංස්කෘතික ක්‍රියාකාරකම්, අදාළ සේවා පරිභෝජනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමට පාදක විය.

පරිභෝජනය යනු ආර්ථික සංවර්ධනය සඳහා වන ප්‍රධාන එන්ජිමකි. වර්තමානයේ, ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය දුර්වල මට්ටමක පවතී. චීන පරිභෝජන වෙළඳපොළේ අඛණ්ඩ ප්‍රකෘතිමත්භාවය තුළින් ලෝකය වෙත කුමන ආකාරයේ අවස්ථා රැගෙන ආ හැකි ද?

චීන පුරවැසියන් ගේ දළ පරිභෝජනයන් අතර සේවා පරිභෝජනය 40%ක අගයක් ගැනේ. පරිභෝජන ව්‍යුහය උත්ශ්‍රේණි කිරීමෙන් විදේශීය ව්‍යවසායන් සඳහා නව වර්ධන ඉඩප්‍රස්තා නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.

චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය දා ප්‍රතිපත්තීන් 24ක් එළි දැක්වීමෙන් විදේශ ව්‍යවසායන් චීනයේ ආයෝජන සිදු කිරීමේ පරිසරය තවදුරටත් යහපත් තත්ත්වයකට පත් කර තිබීම කැපී පෙනේ. සේවා කර්මාන්ත විවෘතභාවය පුළුල් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත. එමෙන් ම, සන්නිවේදනය, මූල්‍යය, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රයන්හි විවෘතභාවය තවදුරටත් සැළසුම් කිරීමෙන්, චීන සේවා කර්මාන්තය වෙනුවෙන් ‍විදේශ ව්‍යවසායන් පෙනී සිටීමේ අවස්ථා වඩාත් පුළුල් වනු ඇතැයි පිළිබිඹු කෙරෙන බව විද්වතුන් ගේ අදහස වී ඇත.

මේ අතර, චීනය අදාළ ප්‍රතිපත්ති මත ස්ථාවර ව රඳා පැවතීම තුළින්, විදේශ ව්‍යවසායන් චීනයේ සංවර්ධනය කිරීමේ දී දරන ආත්ම විශ්වාසයන් තහවුරු කර තිබේ. 2022 වසර අවසානයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය රැස්වීම අවධාරණය කළේ පරිභෝජනය යථා තත්ත්වයට පත් කිරීම හා එය තවදුරටත් පුළුල් කිරීම ප්‍රමුඛස්ථානයට තැබිය යුතු බවයි. එමෙන් ම, මෙම වසරේ පරිභෝජනය උපරිම අයුරින් තහවුරු කිරීම උදෙසා ක්‍රියාපිළිවෙළ රැසක් ද නිකුත් කර තිබේ. චීන ආර්ථික ප්‍රතිපත්තීන් ලෝකයට ‘ස්ථිරභාවය’ ගෙන දී ඇති අතර, ඉන් දැක්වෙන ප්‍රතිලාභ අඛණ්ඩ ව පුළුල් වෙමින් පවතින බව කිව හැකියි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම