ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා මෙරටට නියෝජිත පිරිසක්
2023-08-16 16:51:16
Share with:

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පවසයි. ඊයේ (15) මේ බව දැනුම් දී ඇත.

2023 ජූනි අවසානය දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම අනුව ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරෙනු ඇත.  එහි කාර්ය සාධනය සලකා බලා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 338 ක ප්‍රමාණයක් අනුමත කිරීමේ හැකියාව සලකා බැලීමට ද නියමිතයි.

ලබන සැප්තැම්බර් 14 සිට 27 දක්වා කාලය තුළ එම නිලධාරීන් තම පළමු සමාලෝචනය සිදුකරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම