Hawaii හි Maui දූපතේ හටගත් ලැව්ගින්නෙන් මිය ගිය පිරිස 101ක් දක්වා ඉහළට
2023-08-16 18:52:19
Share with:

ඇමරිකාවේ Hawaii ප්‍රාන්තයේ Maui දූපතේ හටගත් දැවැන්ත ලැව්ගින්නෙන් මිය ගිය පිරිස 101ක් බව වාර්තා වෙයි.  Hawaii ආණ්ඩුකාර Josh Green මහතා ඊයේ (15) ‍මේ බව ප්‍රකාශ කළේය. ඔහු එහිදී කියාසිටියේ, විපතට පත් වූවන් සෙවීමේ මෙහෙයුම්වල පවතින ඇතැම් ඛේදජනක දර්ශන විස්තර කිරීමට අපහසු බවයි. එසේම, මෙම සති අන්තයේ ඇති විය හැකි වර්ෂාව සහ තද සුළං හේතුවෙන් එම මෙහෙයුම්වලට බාධා එල්ලවනු ඇත.

ලැව්ගින්න පසුගිය 8 වැනි දා ආරම්භ වූ අතර සුළි කුණාටුව සහ දැඩි නියඟය හේතුවෙන් එය වේගයෙන් පැතිර ගිය බව, Hawaii හි හදිසි තත්ත්ව කළමනාකරණ දෙපාර්තමේන්තුව කියාසිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම