සිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේ මෙරට මෙහෙයුම් අරඹයි
2023-08-16 16:22:26
Share with:

චීනයේ සිනොපෙක් සමාගම ලබන සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (16) වනවිට ඉන්ධන බෙදාහරින්නන් 150 න් 109 දෙනෙකු සමග ගිවිසුම්ගත ව අවසන් බවත්, ලබන සතිය වනවිට ගිවිසුම් 150 ම ආවරණය කිරීමට අපේක්ෂා කරන බවත්  එම සමාගම දැනුම් දුන් බව අමාත්‍යවරයා කියාසිටී.

දැනට වෙළඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවිකිරීමට එම සමාගමට අවසර දී තිබේ.  නව ගනුදෙනුව යටතේ, චීන සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පවත්වාගෙන යාමට වසර 20 ක් සඳහා බලපත්‍රයක් හිමිවන අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් සඳහා ආයෝජනය කිරීමට ද හැකි වනු ඇත.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී තවත් ජාත්‍යන්තර ඉන්ධන අලෙවි ක්‍රියාකරුවන් දෙදෙනෙකු මෙරට මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පවසයි.   

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම