සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් වැඩිදියුණු කිරීමට ඩොලර් මිලියන 15 ක්
2023-08-15 19:30:33
Share with:

සංචාරක කර්මාන්තයෙන් රටට විශාල ආදායමක් උපයාදෙන සීගිරි ආශ්‍රිත කලාපයේ සංවාරක පහසුකම් වැඩිදියුණු කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනී. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15 ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයි.                                                

සීගිරිය ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය සංවර්ධනය, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය මෙහි අරමුණයි. සීගිරිය නව ගම්මාන රථගාල හා සාප්පු සංකීර්ණය, සියවස් මාර්ගය, සීගිරිය කෞතුකාගාරය, විදේශිකයන්ගේ රථගාල හා පිවිසුම් මාර්ග සංවර්ධනය මෙන්ම පිදුරංගල ආශ්‍රිත ප්‍රදේශය, කලුදිය පොකුණ සහ මාපාගල ආශ්‍රිත ප්‍රදේශ සංරක්ෂණය ද ව්‍යාපෘතියට ඇතුළත් ය.

මීට සමගාමීව සීගිරිය වැව සංචාරක ආකර්ෂණය තීව්‍ර කෙරෙන අයුරින් සංවර්ධනය කිරීමට ද නියමිතයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම