සාම සාකච්ඡා යළි ඇරඹීමට ඊශ්‍රායලය පලස්තීන භූමිය අත්පත් කර ගැනීම නතර කළ යුතු බව අරාබි රටවල් තුනක නායකයෝ අවධාරණය කරති
2023-08-15 12:44:15
Share with:

සාම සාකච්ඡා යළි ඇරඹීමට ඊශ්‍රායලය පලස්තීන භූමිය අත්පත් කර ගැනීම නතර කළ යුතු බව ඊජිප්තු, ‍ජෝර්දාන හා පලස්තීන නායකයෝ අවධාරණය කරති. ඊජිප්තුවේ පැවති එම නායකයන් සහභාගී වූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවේ දී මේ බව අවධාරණය කෙරිණ. පලස්තීන වැසියන්ගේ පූර්ණ හිමිකම් සහතික කළ යුතුය. 1967 වසරේ මායිම් අනුව නැගෙනහිර ජෙරුසලමේ ස්වාධීන ස්වෛරී පලස්තීන රාජ්‍යයක් බිහි කිරීමද එම හිමිකම්වලට අයත් විය යුතු බවද එම නායකයෝ අවධාරණය කරති. ජාත්‍යන්තර නීතිමය තත්ත්වයන්ට අනුව පලස්තීන සරණාගත ගැටළුව නිරාකරණය කර ගනිමින් රටවල් දෙකක විසඳුම ළඟාකර ගත යුතු බවද එම රටවල් තුනේ නායකයෝ පෙන්වා දෙති. ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය මෙන්ම පෙර එළඹි එකඟතාවන් හා අව‍බෝධයන්ට ගරු කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති. ඊශ්‍රයලය පලස්තීනයට එරෙහි ප්‍රහාර හා බටහිර ඉවුරේ නගරවල මෙහෙයුම් නතර කළ යුතු බවද ඊජිප්තු, ‍ජෝර්දාන හා පලස්තීන නායකයෝ පෙන්වා දුන්හ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම