බස්නාහිර සංවර්ධන සැලැස්ම යටතේ පෑලියගොඩ නිවාස අර්බුදයට විසඳුම්
2023-08-15 19:29:02
Share with:

පෑලියගොඩ නගරයේ නිවාස ප්‍රශ්නයට හා ගංවතුර තර්ජනයට විසඳුම් ලබාදෙමින් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නිවාස සංවර්ධන අධිකාරියේ පැවති සාකච්ඡාවක දී ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නේ, එම සැලැස්ම බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරන ලෙස යි.

නගරයේ අධික ජන ඝනත්වය හේතුවෙන් නිවාස හා සෞඛ්‍ය ආදී ගැටලු රැසක් මතු ව තිබේ. පෑලියගොඩ නගරයේ පවතින නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස ඉදිකිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය. මැනිං වෙළද සංකීර්ණය  සංවර්ධනය ද නව සැලසුමට ඇතුළත් කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම