පාකිස්ථානයේ භාරකාර අගමැති දිවුරුම් දෙයි
2023-08-15 09:29:38
Share with:

පාකිස්ථානයේ හිටපු සෙනෙට් සභිකයෙකු වන Anwar ul Haq Kakar මහතා ඊයේ (14) එරටේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. නව පාකිස්ථාන ජාතික සභාව හා රජය පිහිටුවන තෙක්, ඔහුගේ ප්‍රධානත්වයෙන්  රාජ්‍ය කටයුතු හා භාරකාර කැබිනට් මණ්ඩලය ස්ථාපිත කිරීමේ කටයුතු සිදු වනු ඇත.

පාකිස්ථාන ජාතික සභාවේ නිල කාලය අවසන් වීමට පෙර පසුගියදා විසුරුවා හැරිණ. එර‍ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, එම අවස්ථාවේ සිට දින 90 ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතුය. එහෙත් මේ දක්වා පාකිස්ථාන මධ්‍යම මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කර නොමැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම