නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා චීනයට
2023-08-15 17:29:07
Share with:

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.  ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක දැක්වෙයි. 

හෙට (16) සිට ලබන 20 වැනිදා දක්වා චීනයේ කුන්මිං නුවර පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වනු ඇත. මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60 ක් එක්ව සිටින අතර, ‘පොදු සංවර්ධනය උදෙසා සහයෝගිතාව හා සම්බන්ධීකරණය’ මෙවර ප්‍රදර්ශනයේ තේමාව යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම