විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්
2023-08-14 19:52:58
Share with:

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන්  නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාවට නංවයි.ක්‍රමවේද තුනක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දීමට අපේක්ෂා කෙරේ.පළමු ක්‍රමවේදය යටතේ සිය ඉඩමක නිවසක් ඉදිකර දීමට සැලසුම් කර ඇත.

දෙවන ක්‍රමවේදයට අනුව ඉඩම් නොමැති අය සඳහා නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකරදීම සිදු කෙරේ.

මහල් නිවාස ඉදි කිරීම තුන්වන ක්‍රමවේදය බව නාගරික සංවර්ධන අධිකාරිය හා නිවාස අමාත්‍යංශය පෙන්වා දෙයි.මෙම ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහාය ලබා දෙයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම