කාම්බෝජ අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
2023-08-14 10:04:19
Share with:

කාම්බෝජයේ අගමැති Hun Sen මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා හමුවෙයි.

එම හමුව ඊයේ(13) නොම් පෙන් නගරයේ දී පැවැත්විණ.

නව කාම්බෝජ රජය උපායමාර්ගික අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින් චීනය සමඟ සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය Hun Sen මහතා පැවසීය. කාම්බෝජයේ සංවර්ධනය උදෙසා වටිනා සහයෝගයක් ලබාදෙන චීනයට කෘතවේදීත්වය පළ කළ ඔහු පැවසුවේ,  චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළින් කාම්බෝජයට විශාල ප්‍රතිලාභ හිමි ව ඇති බව යි.

චීනය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය සහ ලාඕසය යන රටවල් 6 ක සහයෝගිතා එකඟතාව ක්‍රියාත්මක කරමින්, චීනය සමඟ එක්ව "කාර්මික සංවර්ධන කොරිඩෝව" සහ "මාළු සහ සහල් කොරිඩෝව" ප්‍රවර්ධනය කිරීමට කාම්බෝජය අපේක්ෂා කරන බව ද අගමැතිවරයා පැවසීය.  

චීනය සෑමවිටම කාම්බෝජය සමඟ එක්ව සිටී. කාම්බෝජයේ ජයග්‍රහණ හා ජාතික අභිමානය ආරක්ෂා කිරීමේ දී චීනය ස්ථිර සහය ලබාදෙන බව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම, ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවල දී වඩා වැඩි කාර්යභාරයක් ඉටුකිරීම සඳහා චීනයේ උපරිම සහයෝගය කාම්බෝජයට හිමිවනු ඇත. චීන-කාම්බෝජ මිත්‍රත්වය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යමින් නවයුගයේ ඉහළ ගුණාත්මකභාවයෙන් මෙන්ම, ඉහළ ප්‍රමිතියෙන් යුතු පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා නව කාම්බෝජ රජය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද වං යී මහතා මෙහිදී කියාසිටියේය.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම