පාකිස්ථානයේ වෙසෙන චීන ජාතිකයන් රැගත් රථ පෙළකට ප්‍රහාරයක්
2023-08-14 09:23:28
Share with:

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ග්වාදාර් වරාය ආසන්නයේ දී චීන ජාතිකයන් රැගත් රථ පෙළකට ප්‍රහාරයක් එල්ල වෙයි. එම ප්‍රහාරය ඊයේ (13) සිදු විය. මෙම සිද්ධියෙන් එම චීන ජාතිකයන්ට කිසිදු ජීවිත හානියක් සිදු නොවූ අතර,ඔවුන් නිසි පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇත.

පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය මෙම ත්‍රස්ත ක්‍රියාව දැඩි ලෙස හෙළාදකී. එම කාර්යාලය සහ කරච්චි හි චීන කොන්සල් ජනරාල් කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක වී, ප්‍රහාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන ලෙස ද පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. එසේම, එරට සෑම තරාතිරමකම ආයතන විසින් සිදු කළ යුත්තේ එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී පියවර ගැනීම බව ද චීනය පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම