බංග්ලාදේශයේ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට
2023-08-14 10:19:23
Share with:

මෙම වසරේ බංග්ලාදේශයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව  82506 දක්වා ඉහළ යයි. සිදු ව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 387 ක් බව එරට සෞඛ්‍ය සේවා පරිපාලනය නිවේදනය කර ඇත.

බංග්ලාදේශයේ ඩෙංගු අවදානම ඉහළ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම් දී තිබේ. ඩෙංගු වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වහාම ඵලදායී පියවර ගන්නා ලෙස ද එම සංවිධානය ඉල්ලීමක් කරයි.

පසුගිය 7 වැනිදා වනවිට බංග්ලාදේශයෙන් මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 2000 වසරේ සිට වාර්තා වූ ඉහළම අගය බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත. පසුගිය ජූනි මස අග සිට එරට ඩෙංගු වසංගතය දැඩි ලෙස උත්සන්න වී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම