විද්‍යුත් කාඩ්පත් භාවිත කර ගමන් කළ හැකි බස්රථ කොළඹ නගරයේ ධාවනයට
2023-08-14 19:52:09
Share with:

විද්‍යුත් කාඩ්පත් භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.

එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ්පත භාවිතයෙන් පමණක් බවත් එම බස් රථවලට කොන්දොස්තර මහතුන්ගේ සේවය අවශ්‍ය නොවන බවත් විජේරත්න මහතා කීය.

බස් රථයට ගොඩවූ පසු කාඩ්පතින්  මුදල් ගෙවිය හැකි අතර මෙරට භාවිතා කරන ඕනෑම කාඩ් පතක් ඒ සඳහා භාවිත කළ හැකි බව පැවසූ විජේරත්න මහතා කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කර ගැනීමට එම බස් රථ සේවාව ආරම්භයත් සමඟ හැකියාව ලැබෙන බවද පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම