හවායි දූපතේ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
2023-08-14 09:52:22
Share with:

ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ Maui ලැව්ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි. ඉකුත් 12 වැනිදා වනවිට එම සංඛ්‍යාව 93 ක් ලෙස වාර්තා වූ බව Maui කෝරළයේ වෙබ් අඩවිය පවසයි.

ඊට පෙර දින වාර්තා වූ මරණ සංඛ්‍යාව 89 ක් විය. ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ මාරාන්තික මෙන්ම බරපතලම ව්‍යසනය මෙය බව එරට බලධාරීන්ගේ විශ්වාසය යි.

වියළි ගිම්හාන සෘතුව සහ සුළි කුණාටු හේතුවෙන් Maui හි පැතිර යන ලැව්ගිනි සමස්ත දිවයිනටම බලපෑම් එල්ල කර තිබේ. සීමිත කාර්ය මණ්ඩලය සහ උපකරණ හේතුවෙන් ගිනි නිවීමේ ප්‍රයත්න අඩාල විය හැකිය.

12 වැනිදා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හවායි හි ආණ්ඩුකාර Josh Green මහතා කියාසිටියේ, සිද්ධියෙන් විපතට පත්වූවන් සොයා ගැනීමේ දී මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම