දකුණු කොරියාව අත්හිටුවා තිබූ ඉරාන ඩොලර් බිලියන ගණනක වත්කම් නිදහස් කෙරේ
2023-08-14 11:09:45
Share with:

දකුණු කොරියාව අත්හිටුවා තිබූ ඉරාන ඩොලර් බිලියන 6 ක පමණ වත්කම් නිදහස් කෙරේ.

ඉරාන මහ බැංකු අධිපති Mohammad Reza Farzin මහතා පසුගිය 12 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව දැනුම් දී ඇතැයි දකුණු කොරියානු හා ඉරාන මාධ්‍ය රැසක් වාර්තා කර ඇත.

දකුණු කොරියාව හෝ ඉරානය නොවන වෙනත් රටක බැංකු මගින් යුරෝ බවට පරිවර්තනය කර ඇති එම වත්කම් කටාර් හි පවතින ඉරාන බැංකු 6 කට මාරු කර ඇත. එම මුදල් බටහිර සම්බාධකවලින් නිදහස් භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනේ.

ඇමරිකාව ඒකපාර්ශ්විකව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී ඉරානයට කිහිප වරක්ම සම්බාධක පැනවීමෙන් පසුව, දකුණු කොරියාව 2019 මැයි මාසයේ සිට තම රටේ පවතින ඉරාන වත්කම් අත්හිටුවීමට පියවර ගත්තේය.

ඉරානය සහ ඇමරිකාව සිරකරුවන් හුවමාරුව පිළිබඳ කොන්දේසි සහිත ගිවිසුමකට පසුගියදා එළඹ ඇති බව, ඉරාන ඉස්ලාමීය ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය ඉකුත් 10 වැනිදා වාර්තා කළේය. එම ගිවිසුමට අනුව, දකුණු කොරියාවේ ඩොලර් බිලියන 6 ක පමණ මුදල සහ ඉරාකය ඇතුළු විදේශ රටවල් ගණනාවක අත්හිටුවා ඇති ඉරාන වත්කම් ඩොලර් බිලියන ගණනක් නිදහස් කරනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම