මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සංවර්ධනයට කඩිනම් පියවර
2023-08-13 14:44:21
Share with:

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආදායම පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේ ඉලක්කගත වර්ධනයක් කරා ළඟා වී නොමැති බවත්, අවම වශයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති ගැටළු පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම