ආනයන සීමා ලිහිල් කරමින් නුදුරේදීම තවත් ගැසට්ටුවක්
2023-08-13 14:46:12
Share with:

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ, පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බවයි.

කෙසේවෙතත් සෙසු වාහන ආනයනය කිරීම පිළිබඳ මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ, දැනට පවතින විදේශ විනිමය සංචිතවලට සාපේක්ෂව සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි.

වාහන ආනයනය කඩිනම් කිරීම හරහා යළිත් වරක් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ද ඔවුහූ අවධාරණය කරති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම