පලස්තීනයට සෞදි අරාබියෙන් නව තානාපතිවරයෙක්
2023-08-13 15:12:52
Share with:

ජෝර්දානයේ සෞදි අරාබි තානාපති Nayef Al-Sudairi මහතා, පලස්තීන ජනාධිපති විදේශ කටයුතු උපදේශක Majdi al-Khalidi මහතා වෙත සිය අක්තපත්‍ර පිටපත ඊයේ (12) භාර දුන්නේ පලස්තීනයේ ප්‍රථම සෞදි අරාබි තානාපතිවරයා බවට පත් වෙමිනි.

එම උත්සවය ජෝර්දානයේ අම්මාන් හි පලස්තීන තානාපති කාර්යාලයේදී පැවැත්විණ. Nayef Al-Sudairi මහතා තානාපතිවරයා ලෙස පත් කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කළ Majdi al-Khalidi මහතා එය දෙරටේම ජනතාව අතර සබඳතාවන් ශක්තිමත් කිරීමට ඉවහල් වන බවද පවසා ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම