ක්‍රීඩා විශ්වවිද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර
2023-08-12 15:48:37
Share with:

ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමග උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කරමින් එම ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, පාසල් සහ ප්‍රාදේශීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ අතර “ජාතික යෞවන ක්‍රීඩා උළෙල” සහ “තුරුණු ශක්ති වැඩසටහන” යළි පැවැත්වීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම