චීන- අසර්බයිජාන සබඳතාව නව අදියරකට ප්‍රවේශ වී ඇති බව අසර්බයිජාන ජනපති පවසයි
2023-08-12 17:07:26
Share with:

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දැක්ම, ප්‍රඥාව, අවංකභාවය සහ අසර්බයිජාන-චීන සබඳතා පිළිබඳ ෂී ජින් පිං මහතාගේ ගැඹුරු අවබෝධය සම්බන්ධයෙන් තමාට හොඳ අව‍බෝධයක් ඇති බවත් ගෝලීය වශයෙන් දැවැන්ත රටක් ලෙස චීනයට අතිශයින් පොහොසත් රාජ්‍ය තාන්ත්‍රික න්‍යාය පත්‍රයක් ඇති බවත් අසර්බයිජානයේ ජනාධිපති Ilham Heydar oglu Aliyev මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ය.

පුරාණ සේද මාවතේ වැදගත් නැවතුමක් වන අසර්බයිජානය, මධ්‍යම ආසියාවේදී චීනයේ වැදගත් සහයෝගිතා හවුල්කරුවෙක් බව Aliyev මහතා සඳහන් කළේය. 1992 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වී ඇත. වර්තමානයේ චීනය අසර්බයිජානයේ සිව්වන විශාලතම වෙළඳ සහකරු සහ තුන්වන විශාලතම ආනයන ප්‍රභවය බවට පත්ව ඇත. මෑත වසරවල චීනය හා අසර්බයිජානය “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමත් සමඟ දෙරටේ සහයෝගිතාව නව වර්ධන අදියරකට ප්‍රවේශ වී ඇති බව Aliyev මහතා පෙන්වාදෙයි.

උපකාර අවශ්‍ය වුව ද කඩිනමින් වෙනත් මාර්ග මගින් හදිසි ආධාර ලබා ගත නොහැකි රටවලට චීනය පරාර්ථකාමී ලෙස ආධාර සපයා දී තිබෙන බවත් නව කොරොනා වසංගතයේ ව්‍යාප්තියෙන් පසු මුල් භාගයේ අසර්බයිජානය චීනයෙන් එන්නත් ආධාර ලබාගෙන එන්නත් ලබා ගත් ලොව පළමු රටවලින් එකක් බවට පත් වූ බවත් Aliyev මහතා ප්‍රකාශ කළේය.

යටිතල පහසුකම් සහ ප්‍රතිපත්තිමය ලෙස අන්තර් සබඳතා සහ අන්තර් කාර්යයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අසර්බයිජානය චීනය හා සෙසු අසල්වැසි රටවල් සමග ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරයි. භාණ්ඩ ප්‍රවාහනයේ පරිමාව වැඩි කිරීම සම්බන්ධයෙන්, අසර්බයිජානය චීනය සමග අනාගතයේදී සහයෝගිතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද Aliyev මහතා කියාසිටියේය.

අසර්බයිජානය Caspian මුහුද හරහා ජාත්‍යන්තර ප්‍රවාහන කොරිඩෝවක් ආරම්භ කර ඇති අතර එය ඇත්ත වශයෙන්ම“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ප්‍රමුඛ කොටසක් බව හෙතෙම පැවසීය.

මධ්‍යම ආසියාවේ රටවල් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර, අපනයනය සඳහා වැඩි භාණ්ඩ නිෂ්පාදනය කරමින් එකවර වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ‍ගෙන තිබේ. එබැවින් Caspian මුහුද හරහා ජාත්‍යන්තර ප්‍රවාහන කොරිඩෝව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව හෙතෙම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම