කෘෂි නවීකරණ වැඩසටහන වේගවත් කිරීම පිළිබඳ ජනපතිගේ අවධානය
2023-08-12 15:41:11
Share with:

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම” පිළිබඳව පසුගිය 10වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ඇති බව ද සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම