ඇතැම් ජපන් දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ තායිවානයේ ජනතාවට නැවතත් දරුණු ප්‍රතිවිපාක තත්ත්වයක් ඇති කිරීම ද?
2023-08-12 15:05:30
Share with:

ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ උප සභාපති සහ හිටපු අගමැති ASO Taro පසුගියදා චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කරමින් තායිවානය "චීන මහ ගොඩබිම සමඟ යුද්ධයකට මනෝවිද්‍යාත්මකව සූදානම්ව සිටින්න" යනුවෙන් දිරිමත් කළේය. ඔහුගේ එම ක්‍රියාවන් සියලු තරාතිරම්වල දැඩි විවේචනයට ලක් වී ඇත.

19 වන ශතවර්ෂයේ මැද භාගයේදී, ජපානය තායිවානය ආක්‍රමණය කිරීම හරහා නැගෙනහිර ආසියාව යටත් කර ගෙන "ලෝකයේ ආධිපත්‍යය දැරීම" සිය මූලික ඉලක්කය ලෙස සලකමින් හමුදා ව්‍යාප්ති මාලාවක් ක්‍රියාත්මක කළේය.

ජපානය විසින් තායිවානය යටත් විජිතයක් බවට පත් කර චීනය ආක්‍රමණය කරමින් සිදු කරන ලද එම බරපතල අපරාධ නිසා, 1972 දී නිකුත් කරන ලද "චීන-ජපන් ඒකාබද්ධ ප්‍රකාශයේ", ජපාන පාර්ශ්වය, යුද්ධයෙන් චීන ජනතාවට සිදු වූ විශාල හානිය පිළිබඳව දැඩි කනගාටුව ද ප්‍රකාශ කර ඇත. එමෙන්ම චීනයේ එකම නීත්‍යානුකූල රජය චීන මහජන සමූහාණ්ඩුවේ රජය බව ජපානය පිළිගෙන තිබේ.‍

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස ASO Taro ජපාන රජය චීනයට ලබා දුන් පොරොන්දුව පිළිබඳ කිසිසේත්ම නොදැනුවත් විය නොහැකිය. කෙසේ වෙතත්, ඔහු චීනය සහ ජපානය අතර ඇති එකම චීනය යන මූලධර්මය සහ චීන-ජපාන දේශපාලන ලියවිලි හතරේ හරය උල්ලංඝනය කරමින් චීන-ජපන් සබඳතාවන්ට හානිකර භයානක ප්‍රකාශ සිදු කර ඇත. මේ සියල්ල පිටුපස ඊනියා "යටත් විජිතකරණය" ට අමතරව යථාර්ථවාදී චේතනාවක් ද පවතී.

ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ උප සභාපති ලෙස, ASO Taro තායිවානයේ සංචාරය කිරීම ජපන් රජයේ ඇතැම් ප්‍රවණතා වක්‍රව පිළිබිඹු කරන අතර ඉතිහාසය පිළිගැනීම සහ පසුතැවිලි වීම් ප්‍රතික්ෂේප කරන ජපාන දක්ෂිනාංශික බලවේගවල ආකල්පය ද නියෝජනය කරයි.

එහෙත් ඔවුන් වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සහ බල තුලනය වැරදි ලෙස ගණනය කළහ. ඇතැම් ජපන් දේශපාලනඥයන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසුවහොත්, ඔවුන් අවසානයේ අවදානමක සිටිනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම