දකුණු චීන මුහුදේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පිළිබඳ චීන විදේශ ඇමතිවරයා ගේ විග්‍රහය
2023-08-12 15:22:02
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා දකුණු චීන මුහුදේ වත්මන් තත්ත්වය පිළිබඳ චීන ස්ථාවරය පැහැදිලි කරයි. හෙතෙම ඒ පිළිබඳ ප්‍රකාශ කළේ මේ දින වල සිංගප්පූරුව හා මැලේසියාව යන ‍රටවල් දෙකේ නිල සංචාරයන් හි නිරත වන අතරතුර එම රටවල රාජ්‍ය නායකයන් හමවූ අවස්ථාවල දීය.

වසර ගණනාවක සිට චීනයේ හා ආසියන් සංගමයේ පොදු ප්‍රයත්න යටතේ, දකුණු චීන මුහුදේ පැවැත්ම සමස්තයක් වශයෙන් ස්ථාවර තත්ත්වයක පවතින බව වං යී මහතා කියාසිටී. එය ඒ ඒ රටවල සංවර්ධනයට මනා පිටුබලයක් ද ලබා දී තිබේ. එහෙත්, ඇමරිකාව ඇතුළු ඇතැම් රටවල් මේ දින වල Ren’ai ගල්පර සිද්ධිය  හුවාදක්වමින් චීනය හා පිලිපීනය අතර සම්බන්ධතාවයට මතභේදාත්මකව හානි සිදු කර ඇත. ඒ ඇමරිකාවේ භූ දේශපාලන උපක්‍රම සාක්ෂාත් කර ගැනීම සඳහාය. පිලිපීනය සමග ද්විපාර්ශ්වික සංවාද පැවැත්වීමෙන් පවතින මතභේද විධිමත්ව නිරාකරණය කිරීමට සූදානම් බව චීනය බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර ඇත. දෙරට පෙරදී ඇති කර ගත් එකඟතාවන් අනුගමනය කර චීනය සමග එක්ව සමුද්‍රීය තත්ත්වය පිළිබඳ ගැටළු විසඳා ගැනීමේ නිවැරදි ක්‍රමය සෙවීමට පිලිපීනයට හැකි වෙතැයි චීනය අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම