මැලේසියා-චීන ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටේම එකඟත්වය
2023-08-12 15:09:19
Share with:

මැලේසියානු අග්‍රාමාත්‍ය Anwar Ibrahim මහතා ඊයේ (11) එහි සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා හමුවූ අතර, එහිදී දෙපාර්ශවය විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟත්වය පළ කළහ.

මෙම වසරේ මාර්තු මාසයේදී සිදු කළ සිය සාර්ථක චීන සංචාරය සිහිපත් කරමින් Anwar Ibrahim මහතා පැවසුවේ චීනය මැලේසියාවේ විශ්වසනීය සහ හොඳ මිතුරෙකු බවත්, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් යුතු විශේෂ සහ මිත්‍රශීලී සබඳතාවක් පවතින බවත්ය.

දෙරටේ නායකයින්ගේ එකඟතාව දෙපාර්ශවය සක්‍රීය ලෙස ක්‍රියාවට නංවා ඇති බවත් ආර්ථිකය, වෙළඳාම, ආයෝජන, සංස්කෘතික සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් තුළ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මැලේසියාවේ ආයෝජන පුළුල් කිරීමට පැමිණෙන චීන සමාගම් සාදරයෙන් පිළිගන්නා අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා  දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට මැලේසියාව සූදානම් බව ද Anwar Ibrahim මහතා වැඩිදුරටත් පැවසීය.

ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත් බව හා එහි සංවර්ධන හැකියාව ස්ථාවරව පවත්වා ගැනීමටත්, දෙපාර්ශ්වයටම වැඩි ප්‍රතිලාභ ගෙන දීමටත්, කලාපීය සංවර්ධනයට සහ පුනර්ජීවනයට නව දායකත්වයක් ලබා දෙමින් මැලේසියාව සමග කටයුතු කිරීමට චීනය සූදානම් බව එහිදී Wang Yi මහතා පැවසීය.

චීනය සහ මැලේසියාව යන දෙපාර්ශ්වයම නැගී එන වෙළඳපොළවල් සහිත රටවල් වන අතර සමාන සංවර්ධන සංකල්ප සහ පුළුල් පොදු අවශ්‍යතා ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් ද වේ. එමෙන්ම දෙරට අතර ඉහළ ගුණාත්මක බවක් සහතික කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සහයෝගීතාව ද ඵලදායී ප්‍රතිඵල ලබා දී ඇති බව Wang Yi මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම