යුක්රේනයට ඇමරිකාවෙන් තවත් මූල්‍ය ආධාරයක්
2023-08-12 16:13:42
Share with:

යුක්රේනය වෙත තවත් ඇ.ඩො. බිලියන 10කට වැඩි ආධාරයක් සැපයීමට ඇමරිකාව සැලසුම් කරයි.  

බයිඩන් රජය පසුගිය 10වැනි දා එරට කොංග්‍රසය වෙත හදිසි මූල්‍ය ආධාර ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය. ඒ අනුව, යුක්රේනය වෙත ඇ.ඩො. බිලියන 13.1ක මිලිටරි ආධාර සැපයීමට සූදානම් බව වාර්තා වේ.

ඇමරිකාවේ රුසියානු තානාපති Anatoly Antonov මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ සිය පුරවැසියන්ගේ විරෝධතාව නොතකා ඇමරිකාව රුසියාව දුර්වල කරවීමේ අරමුණින් රුසියා-යුක්රේන යුද්ධය දීර්ඝ කිරීමට වරින් වර උත්සාහ කර ඇති බවයි. මෙම ප්‍රයත්නය නිසැකවම අසාර්ථක වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම