ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්
2023-08-12 15:14:12
Share with:

ඇමරිකාවේ හවායි ප්‍රාන්තය නිල වශයෙන් මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඇමරිකාවේ සෞඛ්‍ය හා පොදු සේවා අමාත්‍ය Xavier Becerra මහතා ඊයේ(11) නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටියේය. හදිසි වෛද්‍ය සේවා අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් රජය වෛද්‍ය සේවා සපයන්නන්ට හා අදාළ සැපයුම්කරුවන්ට වඩාත් නම්‍යශීලීව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දුන් බව ද Xavier Becerra මහතා පෙන්වා දුන්නේය.

ඇමරිකා සෞඛ්‍ය හා පොදු සේවා අමාත්‍යංශයේ උපායමාර්ගික සූදානම හා ප්‍රතිචාර පරිපාලනය සහන සැපයීමේ සේවකයන් Hawaii වෙත යොමු කරමින් එහි හදිසි ප්‍රතිචාර කටයුතු වෙනුවෙන් පුද්ගලයන් 13කින් සමන්විත කණ්ඩායමක් ද ස්ථාපිත කර ඇත.

පසුගිය 8 වනදා Hawaii ජනපදයේ Maui දූපතේ විශාල ලැව් ගින්නක් භට ගෙන තිබේ. එමෙන්ම එම ගින්නෙන් පුද්ගලයන් 67ක් මිය ගිය බව ද Hawaii ප්‍රාන්ත ආණ්ඩුව තහවුරු කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම