ඉක්වදෝරයේ හදිසි තත්ත්වයක් - එහෙත් මහ මැතිවරණය නියමිත දිනට පැවැත්වෙන බව ජනපති කියයි
2023-08-11 09:58:14
Share with:

ඉක්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ. ජනාධිපති Guillermo Lasso මහතා ඊයේ (10) රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ, මහ මැතිවරණය සැලසුම් කළ පරිදි අගෝස්තු 20 වැනිදා පැවැත්වෙන බවයි.

පසුගිය 9 වැනි දා සවස, ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio මහතා එරට Quito අගනුවරට උතුරින් පැවති මැතිවරණ රැලියක දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මේ හේතුවෙන් ජනාධිපතිවරයා තෙදින ජාතික ශෝක කාලයක් මෙන්ම,  දින 60 ක් සඳහා රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ජනාධිපති අපේක්ෂකයාගේ ඝාතනය 'ත්‍රස්තවාදී දේශපාලන අපරාධයක්' වන නමුත්, එය මහ මැතිවරණයට බාධාවක් නොවන බව ද Guillermo Lasso මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම