රට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යාමට නම් ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය බව ජනපති පවසයි
2023-08-11 15:35:23
Share with:

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹදී පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

රටේ ආර්ථිකය මෙලෙස වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට දායක වූ සහ සහාය දුන් සියලුදෙනාට ස්තූතිවන්ත විය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියෙන් පසුව ආර්ථිකයේ ඉදිරි සැලසුම් සකස් කළ හැකි බවත්, රටක ආර්ථිකය ගොඩනැඟීමට පෞද්ගලික අංශයේ සහභාගීත්වය ද අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම