විදුලි පන්දම් එළියෙන් මෙලොවට ආ බිළිඳා
2023-08-11 16:19:33
Share with:

වෛද්‍ය Wu Yu, සියරා ලියොන් ජනරජයේ සේවයේ නියුතු චීන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්. චීනයේ Hunan පළාතේ Changsha නාගරික මධ්‍යස්ථාන රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස සේවය කළ ඇය  චීන-සියරා ලියොන් මිත්‍ර රෝහලේ සේවයට පැමිණ දැනට දින 160 ක් ගෙවී ගොස් තිබෙනවා.  

දිනක් උදෑසන 6 හමාරට පමණ, වෛද්‍ය Wu ට දුරකථන ඇමතුමක් ලැබුණා. ඉන් කියැවුණේ ගැබිණි මවක් බරපතල තත්ත්වයේ පසුවන බවයි. වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරිය කඩිනමින් රෝහලට පැමිණියා. මව සහ බිළිඳාගේ තත්ත්වය වහා පරීක්ෂා කළ ඇය හදිසි ශල්‍යකර්මයක් සිදුකළ යුතු බව තීරණය කළා. ඒ සඳහා චීන වෛද්‍ය කණ්ඩායමේ සහාය ද ලබාගැනුණා.

එම රෝහලේ රාත්‍රී සේවා මුරවල ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන නිසා   Wu වෛද්‍යවරිය සූතිකාගාරයට පැමිණෙන විටත් එහි දොර වසා දමා තිබුණා. එම අවස්ථාවේ එහි හදිසි විදුලිය ඇණහිටීමක් ද සිදුවුණා. නමුත් එය බලා සිටිය හැකි මොහොතක් නොවෙයි. වෛද්‍යවරිය සහ චීන වෛද්‍ය කණ්ඩායම  විදුලි පන්දම් ආලෝකයෙන් සිසේරියන් සැත්කම සිදුකළා. ඇත්ත වශයෙන්ම ඇයට ළදරුවා පිටතට ගැනීමේ සමස්ත කාර්යයටම ගත වී තිබුණේ විනාඩි 3 කට අඩු කාලයක් පමණයි. වෛද්‍ය කණ්ඩායමේ ළමාරෝග පිළිබඳ වෛද්‍යවරයා ළදරුවාගේ තත්ත්වය පරීක්ෂා කර හදවත් තෙරපුම ලබාදුන් පසු ඔහුගේ පළමු හැඬුම ඇසුණා. තම බිළිඳා නිරුපද්‍රිතව මෙලොවට පැමිණි බව දැනගත් මවගේ දෙනෙත කඳුළින් පිරී ගියා.

මෙවැනි සිදුවීම් වෛද්‍ය කණ්ඩායමට සාමාන්‍ය අත්දැකීම් බව වෛද්‍ය Wu පවසනවා. විදේශ රටවලට සහාය දැක්වීම සඳහා පැමිණෙන චීන වෛද්‍ය කණ්ඩායමකට පැවරෙන වගකීම කොතෙක් ද යන්න තමා මැනැවින් අවබෝධ කර සිටින බව වෛද්‍ය Wu Yu කියා සිටින්නේ හැඟුම්බර අයුරින්.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම