සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2023-08-11 16:58:33
Share with:

සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා හමු වෙයි. එම හමුව අද (11) සිංගප්පූරුවේදී සිදුවිණ.

සිංගප්පූරුව නවීකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට පෙරදිග අගයන් භාවිත කරමින් අද්විතීය හා සාර්ථක සංවර්ධන මාවතකට අවතීර්ණ වී ඇති බව Wang Yi මහතා එහිදී පැවසීය. සිංගප්පූරුවේ ජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණුවාගෙන අඛණ්ඩ සංවර්ධනයට හා සමෘද්ධිමත් බව සාක්ෂාත් කිරීමට චීනය සිංගප්පූරුවට සහාය ලබා දෙන බව හෙතෙම සඳහන් කළේය.

චීනයේ සංවර්ධනය ලෝකයට විශේෂයෙන්ම අසල්වැසි රටවලට දීර්ඝකාලීන යහපත් හා උසස් සංවර්ධන අවස්ථා ලබා දෙනු ඇතැයි ද Wang Yi මහතා එහිදී අවධාරණය කළේය.

නවීකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ චීනයේ අධිෂ්ඨානය හා උත්සාහයන් ගැන සිංගප්පූරුව ඉහළින් අගය කරන අතර දෙරටේ සහයෝගිතා අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද Lee Hsien Loong මහතා එහිදී පැවසීය. වර්තමාන ලෝකය සාමකාමී නොවන අතර ප්‍රධාන රටවල් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය. ආසියාන්-චීන ශක්තිමත් සහයෝගිතාවන්ට සහය වෙමින් චීනය සමග කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ ආරක්ෂා කිරීමට සිංගප්පූරුව බලාපොරොත්තු වන බව ද Lee Hsien Loong මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම