ඇමරිකා සමාගම් චීනයේ සිදු කරන ආයෝජන සීමා කිරීමේ ඇමරිකානු ජනාධිපති විධායක නියෝගයට එරට ආර්ථික ක්ෂේත්‍රයේ කණස්සල්ල
2023-08-11 10:27:55
Share with:

ඇමරිකා සමාගම් චීනයේ සිදු කරන ආයෝජන සීමා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ(10) විධායක නියෝගයකට අත්සන් තැබීය. වසරකින් පසු එම විධායක ‍නියෝගය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා කර තිබේ. එම කාලය තුළ ජනතවාගේ ප්‍රතිචාර මත ඇමරිකා රජය එම විධායක නියෝගය සකස් කරනු ඇත.

එම විධායක නියෝගය සම්බන්ධයෙන් ඇමරිකා ආර්ථික ක්ෂේත්‍රය දැනටමත් කණස්සල්ල පළ කර ඇත. ඒ පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කරන බව ඇමරිකා අර්ධ සන්නායක කර්මාන්ත සංගමය ප්‍රකාශ කර තිබේ. අවසාන රෙගුලාසිය යටතේ චීනය ඇතුළු ප්‍රධාන ගෝලීය වෙළඳපොලට ප්‍රවේශ වීමට ඇමරිකා චිප නිශ්පාදන සමාගම්වලට අවසර ලබා ගැනීමට හැකි වෙතැයි ඔවුහු අපේක්ෂා කරති. චීනයට ප්‍රාග්ධන හිඟයක් නොමැති බව New York Times පුවත්පත වාර්තා කර තිබේ. චීන වෙළඳපොලෙන් බැහැර වුවහොත් ඇමරිකා ප්‍රාග්ධනයට එවැනි ඉහළ ආයෝජන ප්‍රතිලාභ සහිත වෙළඳපොලක් සෙවීම දුෂ්කර වනු ඇත. ලොව විශාලතම චිප් වෙළඳපොල වන චීනයෙන් බැහැර වීමෙන් ඇමරිකා සමාගම් වල ප්‍රතිලාභයන්ට හානි සිදුවීම වැළැක්විය නොහැක. එය, Intel, Qualcomm හා Nvidia ඇතුළු ඇමරිකා චිප නිශ්පාදන සමාගම් සහ ධවල මන්දිරයේ නිලධාරීන් අතර හමුවීමේදී ඇමරිකා රජය චීනයට එරෙහි චිප් අපනයන සීමා පුළුල් කිරීමට ඒකාබද්ධව විරෝධය පළ කිරීම සඳහා හේතුවී ඇත.

මෙම වසරේ  ඇමරිකා උසස් පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක් චීනයේ සිදු කළ නිල සංචාර වලදී ප්‍රකාශ කළේ චීන ඇමරිකා නායකයන් අතර Bali දූපතේ සිදූවූ හමුවීමේදී පැමිණ ඇති එකඟතාවන් ක්‍රියාවට නංවමින් චීනය සමග සංවාද හා සහයෝගිතා පවත්වනු ඇති බවයි. එහෙත් වර්තමානයේ චීන උසස් විද්‍යා හා අධි තාක්ෂණ අංශයේ වර්ධනය මර්දනය කිරීමට ඇමරිකාව චීනයට එරෙහිව ආ‍යෝජන සීමා පනවමින් සිටී. එය ඇමරිකාව සිය පොරොන්දු කඩ කර තම විශ්වසනීයත්වයට හානි සිදු කර ගැනීමකි. ඇමරිකාවේ ක්‍රියාවෙන් ලෝකයේ විශාලතම ආර්ථික ඒකක දෙක අතර උණුසුම් සබඳතාව උග්‍ර වනු ඇතැයි ගෝලීය වශයෙන් මත පළ වී තිබේ. චීන ඇමරිකා සබඳතාව විනාශ කිරීමේ වගකීම ඇමරිකාව භාර ගත යුතු බව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම