ජයග්‍රහණය ආදරයෙන් සැරසූ විවාහ යෝජනාව
2023-08-11 16:22:46
Share with:

2023 Chengdu විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රීඩා උළෙල අතරතුර විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හෘදයංගම දසුනක් දක්නට ලැබුණා. ඒ, පසුගිය 30 වැනි දා ටයිකොන්ඩෝ තරග ඉසව්වක සම්මාන පිරිනැමීමේ අවස්ථාවෙන් අනතුරුවයි. චීන විශ්වවිද්‍යාල ටයිකොන්ඩෝ කණ්ඩායමේ Hu Mingda මේ විවාහ යෝජනාව ගෙන ආවේ තම පෙම්වතිය වන Liangjie වෙත යි.

Liang, එදින පැවති මිශ්‍ර යුවළ ටයිකොන්ඩෝ තරග ඉසව්වක දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. සම්මාන පිරිනැමීමෙන් පසු, Hu ක්ෂණික ව Liang ළඟට ගොස්, දණක් බිම තබා, මුදුවක් පිරිනමමින් ඇයට විවාහ යෝජනා කළා. මුදුව දැක ඉමහත් සතුටට පත් වූ Liang සිය පෙම්වතා තදින් වැළඳ ගත්තා. ඒ මොහොතේ එහි සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ප්‍රේක්ෂකයන් සියලු දෙනාම මෙම යුවළට හදවතින් සුබ පැතුවා.

Hu චීන විශ්වවිද්‍යාල ටයිකොන්ඩෝ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක්. මෙවර චෙංදු හි පැවති ක්‍රීඩා උළෙලේ දීත් ඔහු රිදී පදක්කම් 2 ක් දිනා ගත්තා. ජයග්‍රාහී නිමේෂයක අනපේක්ෂිත ලෙස ඉදිරිපත් වූ විවාහ යෝජනාව හමුවේ Liang බොහෝ හැඟුම්බර වුණා. තම පෙම්වතා මුණගැස්වූ ටයිකොන්ඩෝ ක්‍රීඩා ඉසව්වට ස්තුතිවන්ත වන බව ඇය කියාසිටියා. ඔවුන්ගේ ප්‍රේමයට දැන් වසර 7ක් වෙලා. කිනම් මොහොතක හෝ විවාහ යෝජනාව ඉදිරිපත් වන බව දැන සිටියත්, එය රන් පදක්කමක් දිනූ මෙවන් ස්වර්ණමය අවස්ථාවක සිදුවේ යැයි කිසිදා නොසිතූ බව Liang පැවසුවේ අතිශය හෘදයංගම අයුරින්.



ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම