බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක්
2023-08-11 15:34:10
Share with:

මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී පිහිටුවන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙරට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.

නව රෙගුලාසි රජයේ ප්‍රතිපත්ති , තීරණ සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ යෝජනා මෙහිදී සාකච්ඡාවට ලක් විය. එමෙන්ම ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර 3කට වරක් ලබාදීමට ද රජය තීරණය කර ඇති බව හෙතෙම පැවසීය.

එමෙන්ම සියලුම ආනයනික ලිහිසි තෙල්වර්ග වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගතව ඇති 1200කට ආසන්න පිරවුම්හල්වල  ද  අලෙවි කිරීමට පහසුකම් සැලසීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම