බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ උද්ධමන තත්ත්වයෙන් ප්‍රකට Wilko සිල්ලර අලෙවි ජාලය බංකොලොත් වෙයි
2023-08-11 09:59:25
Share with:

බ්‍රිතාන්‍ය උද්ධමන තත්ත්වය අඛණ්ඩව උග්‍රවීම හේතුවෙන්, ප්‍රකට Wilko සිල්ලර අලෙවි ජාලය බංකොලොත්භාවයට පත්වූ බව නිවේදනය කෙරේ.

පසුගිය වසරේ සිට බ්‍රිතාන්‍යයේ උද්ධමනය අඛණ්ඩව උග්‍රවෙමින් පවතී. එම තත්ත්වය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහ බැංකුව පොළී අනුපාත කිහිප වතාවක් ඉහළ දැමීමට පියවර ගත් අතර, ඉන් ආර්ථිකයට අඛණ්ඩව බලපෑම් එල්ල විය. 

මේ අතර, 1930 වසරේ ස්ථාපිත බ්‍රිතාන්‍යයේ සුප්‍රකට සිල්ලර අලෙවි ජාලයක් වන Wilko බංකොලොත්භාවයට පත්වූ බව ඊයේ (10) ප්‍රකාශයට පත්කෙරිණ. එම සමාගම මිලදී ගැනීම සඳහා ආයතනයක් සොයාගැනෙන තෙක් රට පුරා පිහිටි  Wilko වෙළඳසැල් 400 ක පාලන කටයුතු, මූල්‍ය සහ ව්‍යාපාරික සහාය සැපයීමේ ආයතනයක් වන PWC ආයතනය විසින් තාවකාලිකව කළමනාකරණය කෙරෙනු ඇත.සමාගම මිලදී ගැනීමක් සිදුනොවුණහොත්, Wilko කාර්ය මණ්ඩලයේ 12,000 ක පමණ පිරිසක් විරැකියාවට මුහුණ දෙනු ඇතැයි පැවසේ.

ඉහළ උද්ධමනය හා අඛණ්ඩව පොළී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පරිභෝගිකයන්ට “බරපතල හානි” සිදුව තිබේ. පොළී අනුපාත ඉහළ දැමීමේ සෘණාත්මක බලපෑම් හේතුවෙන් එරට ආර්ථීකය ඉදිරියේ දී වඩාත් දුෂ්කර තත්ත්වයකට මුහුණපානු ඇතැයි BBC ගුවන් විදුලිය පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම