චීන විදේශ අමාත්‍යවරයා සහ සිංගප්පූරුවේ පළමු නියෝජ්‍ය අගමැතිවරයා අතර හමුවක්
2023-08-11 15:48:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා සිංගප්පූරුවේ පළමු නියෝජ්‍ය අගමැති Lawrence Wong මහතා හමු වෙයි. එම හමුව අද (11) සිංගප්පූරුවේ සිදුවිණ.

දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ චීනය සිංගප්පූරුව සමඟ යහපත් සම්ප්‍රදායන් හුවමාරු කර ගැනීමටත්, සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර පුළුල් කිරීමටත්, ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව අපේක්ෂාවන් විවෘත කිරීමටත් කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා පැවසීය.

චීන-ආසියන් සංගම් පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවේ තිරසර හා ස්ථාවර සංවර්ධනය උදෙසා චීනය ආසියන් සංගම් රටවල් සමග කටයුතු කරන බවත්, චීන-ආසියන් සංගම් පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සිංගප්පූරුව අඛණ්ඩව ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් Wang Yi මහතා පැවසීය.

චීනයේ නවීකරණ ක්‍රියාවලියට සිංගප්පූරුව ක්‍රියාකාරීව සහභාගී වන බවත් සිංගප්පූරු-චීන ද්විපාර්ශ්වික සහයෝගිතා යාන්ත්‍රණ සමුළුවේ සම සභාපතිත්වය සඳහා චීනයට යාමට බලාපොරොත්තු වන බවත් Lawrence Wong මහතා පැවසීය. එසේම, ඩිජිටල් ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට සහ ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුමට (CPTPP) චීනය ප්‍රවේශ වීම සිංගප්පූරුව සාදරයෙන් පිළිගන්නා බව ද හෙතෙම පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම