මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගෙන බන්ධනාගාර පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක්
2023-08-11 15:37:04
Share with:

මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගෙන බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසිසේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති වැරදි සහගත ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

නිපුණතා සහ පුනරුත්තාපනය ඒකාබද්ධ වූ වැඩසටහනකට රැඳවූවන් යොමු කරවීමට ද සැලසුම් කර ඇත. එසේම බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා මේ වන විට ආයතන 04ක් එකඟතාව පළ කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම