ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමත් සමග ඇමරිකාවේ මූල්‍ය ක්ෂේත්‍රය දැඩි අවදානමක
2023-08-10 16:34:17
Share with:

පසුගිය හත්වැනි දා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s ඇමරිකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ බැංකු 10ක ණය පිළිබඳ ශ්‍රේණිය පහත දැමීය. U.S. Bancorp ඇතුළු එරට විශාල පරිමාණයේ බැංකු 6ක් ද ශ්‍රේණිය පහත දැමීමේ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් විය. තවත් බැංකු 11ක ශ්‍රේණිගත කිරීම් පිළිබඳ සෘණාත්මක දැක්මක් ඇති බව ද ප්‍රකාශ කර තිබේ.

Moody’s ආයතනයේ මෙම වාර්තාවට අනුව, ඇමරිකාවේ බැංකු ක්ෂේත්‍රය ‘පීඩන රැසකට’ මුහුණ දෙමින් සිටී. අරමුදල් සංචිත රැස් කිරීමේ අපහසුතා, ප්‍රමාණවත් අධීක්ෂණ සීමාවන් ද ඊට ඇතුළත් ය. ඒ අතරින්, අරමුදල් සංචිත රැස් කිරීමේ දී පවතින අසීරුතා කැපී පෙනේ.

නව කොරොනා වසංගතයේ ව්‍යාප්තියෙන් පසු, ඇමරිකාවේ පොළී අනුපාත මට්ටම බරපතල අයුරින් පහත වැටී ඇත. එමෙන්ම විශාල පරිමාණයෙන් යුත් ආර්ථික උත්තේජන සැළසුම් ක්‍රියාවට නංවා ඇත. ඒ හේතුවෙන්, එරට උද්ධමනය කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇත. මෙය ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ පොලී ප්‍රතිශතය අසාමාන්‍යය ලෙස ඉහළ නැංවීමට හේතු පාදක විය.

දින කිහිපයකට පෙර, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ඇමරිකාවේ විශ්වසනීයත්ව මට්ටම “AAA” සිට “AA+” දක්වා පහත දැමීය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන බොහෝ අවස්ථාවල දී අනතුරු ඇඟවීම් කර ඇත්තේ ඇමරිකාවේ ආර්ථික පාලන ශක්‍යතාවන් වල පවතින දුර්වලතා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය. එරට දේශාපලනඥයෝ ද කෙටිකාලීන ප්‍රතිඵල වෙත පමණක් අවධානය යොමු කරති. පවතින ගැටළුවලට සැබෑ විසඳුම් සෙවීමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බව පෙන්නුම් කෙරේ. එරට මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින මෙම අවදානම ක්‍රමිකව වර්ධනය වුවහොත් එය යම්කිසි මොහොතක දරුණු අර්බුදයක් දක්වා විතැන් විය හැකිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම